Thursday, August 14, 2008

අපේ අරගලය පංතිය හා ජාතිය මත

මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක සමඟ ‘ත්‍රීමාන සඟරාව’ (2008 අගෝ – සැප්) පැවැත්වු සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයකි.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී
අනුර කුමාර දිසානායක

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසානය සනිටුහන් වෙන්නේ අපිට අනුව 78 ජේ. ආර්. ගෙනා ජනාධිපති ව්‍යවස්ථාවත් එක්ක.අද අපේ රටේ අයට මේ ව්‍යවස්ථාවෙන් එහා දෙයක් හිතන්න බැරි තරමට මෙය පරමයක් වෙලා.එය වෙනස් කරන්න යන හැම කෙනාම බුක්ති විඳිනවා.වෙනස් කරන්න උද්ඝෝෂණය කරපු අයට අමතක වෙලා යනවා,ප‍්‍රාග්ධනයේ තිබෙන නිදහස් චලනයට ඉඩ දෙන්න හදපු මේ ව්‍යවස්ථාව ගැනත් ජේ.ආර්.ගේඅවශ්‍යතාවය ගැනත් ජවිපෙ දරන අදහස මොකක් ද?
විශේෂයෙන් 70 දශකයේ ලෝකය පුරා මහා දැවැන්ත ආර්ථික අවපාතයක් හඹාගෙන එනවා. ඒ ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා එවකට ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටපු රේගන් සහ බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හොබවපු තැචර් යන ද
ෙන්නා ධනවාදය පවත්වාගෙන යාමේ අදිටනින් ආකෘතිමය වෙනස් කමක් කළා.එදා රේගන්වාදය හෝ තැචර්වාදය ලෙස කරළියට එන්නෙ එයයි. මොකක්ද මෙහි මුඛ්‍ය පරමාර්ථය.එතෙක් සැඟවී තිබුණු සූරාකෑම ඉතාමත් විවෘතව ම කරළියට ගෙන ඒම. අපි විවෘත ආර්ථිකය කියන්නේ මේකට. එතෙක් තිබුණු රාජ්‍යය ඒකාධිකාරී ධනවාදය එහෙමත් නැත්නම් රජය මැදිහත් වෙලා ධනවාදය පවත්වාගෙන යාම අර්බුදයකට ගිහින් තිබුණා.ඒ අර්බුදයවිසඳීම සඳහා ක‍්‍රම දෙකක් තිබුණා. ඒ අර්බුදයට එරෙහිව ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පෙළ ගැහිලා වෙනත් සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහයක් සමාජය තුළ ගොඩනැගීම එකක්.නමුත් අපේ පැරණි වාමාංශික ව්‍යාපාරයට එය කර ගන්න බැරිවුණා. දෙවැනි ක‍්‍රමය නම් ධනවාදයට අවශ්‍ය පරිදි නිදහස් චලනයට ඉඩදීම අපේ රටේ සිදුවුණේ මේක.හැබැයි මේ ආකෘතිමය වෙනස ඇත්තටම කළේ ජේ.ආර්.නෙමෙයි,ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ඒ 1975 අය වැයෙන් ජේ.ආර්. 77 දී සපුරන්නේ මේ වුවමනාවයි. බටහිර රාජ්‍යයන්ට ඔවුන්ගේ සමාගම්වල ඔවුන්ගේ භාණ්ඩ සඳහා වෙළඳපොළ විවෘත කිරීමත් එක්ක ජනතාවගේ එතෙක් තිබූ අයිතීන් කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ සඳහා අනිවාර්ය ලෙස යම් ඒකාධිකාරී බලයක් ගොඩනගා ගන්නා ලද ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් තිබුණා. මොකද මෙතෙක් පැවති නීතිරීති පවා වෙනස් කළ යුතු වෙනවා. ස්වාමියා සහ කම්කරුවා අතර තිබුණු නීති ලිහිල් කිරීමේ උවමනාව තිබුණා.ඒ සඳහා ජේ.ආර්.ට මුළු රටේම කරන්න බැරි නිසා, ප‍්‍රධාන කලාප තුනක කළා. කටුනායක, බියගම සහ කොග්ගල කියන්නෙ ඒ නිදහස් වෙළඳ කලාප.ඊළඟට දිගුකාලීන බල ව්‍යුහයක වෙනසක් ජේ.ආර්.ට උවමනා වුණා. මේ ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමත් එක්ක එතෙක් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුණා නම්, එය මුළුමනින්ම උල්ලංඝණය කළා. මේ නිසා ජනතා නියෝජිතයා ‘වනසරාලා’ බවට පත්වුණා. කැබිනට් මණ්ඩලය තුට්ටුවට වැටුණා. ජේ.ආර්.ගෙන් පස්සෙ කැබිනට් මණ්ඩලය කියන්නෙ ආණ්ඩුවට පිටින් තියෙන බිස්නස්කාරයින්ගෙන් සමන්විත තිප්පොලකින් ගේන තීන්දු තීරණවලට අනුමැතිය දෙන තැනක්. බලන්න චන්ද්‍රිකා මැතිණිය ළඟ හිටියෙ කව්ද? මනෝ තිත්තවැල්ල, පී.බී. ජයසුන්දර, බාලපටබැඳි, තාරා ද මෙල් යන අය. ඊළඟට රනිල් වික‍්‍රමසිංහ මහත්තය ළඟ හිටියෙ කව්ද? චරිත රත්වත්තෙ, පාස්කරලිංගම් හා මලික් සමරවික‍්‍රම. දැන් මහින්ද රාජපක්ෂ මහත්තය ළඟ කව්ද ඉන්නෙ.ගෝඨාභය, බැසිල්, සජින් වාස් ඇතුළු තව එක්කෙනෙක් දෙන්නෙක්. එතකොට ජේ. ආර්.ගෙන් පස්සෙ ඇත්ත ආණ්ඩුව තියෙන්නෙ මෙන්න මේ බිස්නස්කාරයො ළඟ.ලංකාවට 78 හඳුන්වලා දීලා 80 දශකයේ මුල සිට කි‍්‍රයාත්මක කළ ධනවාදයේ අලූත් ආකෘතියත් එක්ක ජේ.ආර්.වත් නොහිතපු විධියේ අහිතකර ප‍්‍රතිඵල පැන නැගුණා. ඒ තමයි ජාතිවාදය. අද මේ රටේ ඉපදෙන හා පොහොර වන ජන කොට්ඨාශ තුනක් ඉන්නවා. ඒ සිංහල,දෙමළ හා මුස්ලිම්. මේ හැම ජන කොට්ඨාශයටම ආවේණික වූ සංස්කෘතියක්, ජීවන පැවැත්මක් හා භාෂාවක් තියෙනවා. ඔබ සඳහන් කළ ප‍්‍රශ්නය බි‍්‍රතාන්‍ය මේ රට පාලනය කිරීම දක්වා දිව යනවා. අධිරාජ්‍යවාදීන් කළේ මේ ජාතීන් බෙදා පාලනය කිරීම. බෙදා පාලනය කියන්නේ ඔවුන්ගේ උපාය මාර්ගය. ලංකාවේ ජාතික ව්‍යාපාරය කරන්න තිබුණේ මේ ජනවර්ගයන් තුළම නියෝජනය වන ජාතික නායකත්වයන්ගෙන් එකතු වූ පෙරමුණක් හැදීම. නමුත් 1919 සිට 1947දක්වා හදපු සියලූ සංවිධාන එකිනෙක ජනවර්ගයන්ට එරෙහිව හදපු ඒවා.1947 දී බලය ලබා ගැනීමේ උවමනාවෙන් හෝ සිංහල, දෙමළහා මුස්ලිම් නායකයින් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය හදනවා. නමුත් 1949 වෙනකොට මේ සමගිය බිඳින්න එජාපය මොකද කරන්නේපුරවැසි පනත ගෙනැත් දෙමළ ජනයාගේ පුරවැසිභාවය ආහෝසි කරනවා. ඒ තුළ හිටපු චෙල්වනායගම් මහත්තයා ෆෙඩරල් පක්ෂය හදනවා. මෙතැන් සිට ක‍්‍රමානුකූලව දෙමළ ජාතිවාදයට උවමනා කරන වටපිටාවක් හදනවා. ඒ හා සමානවම සිංහල ජාතිවාදී නායකයොත් සිංහල පාලකයොත් බලය සඳහා එක විටක සිංහල ජාතිවාදයටත්,තවත් විටෙක දෙමළ ජාතිවාදයටත් මාරු වුණු අස්ථාවරත්වයක් පෙන්නුම් කළා. මෙහි ප‍්‍රතිඵලය වුණේ පැය විසි හතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම. ඇත්තටම ඒ මොහොතේ රටේ ඉල්ලීම තිබුණෙ ස්වදේශීය භාෂාවෙන් උගන්නන්න කියලා. ස්වදේශීය භාෂාව තුළ සිංහල-දෙමළ භාෂා දෙකම තිබුණා. මොකද එවකට ඉංග‍්‍රීසි භාෂාව තමයිපරිපාලන භාෂාව බවට පත්වෙලා තිබුණා. ඊට පස්සෙ 1965 ඩඞ්ලි සේනානායක මහත්තය ෆෙඩරල් පක්ෂයත් එක්ක ගිවිසුමකට එනවා.මේවා වෙන්නෙ ඉතා ළඟින්. හැබැයි අපි ඇත්ත කියන්න ඕන, දෙමළ ජනතාවට ඇත්තටම සංස්කෘතික පීඩාවක්, අයිතිවාසිකම්වල පීඩාවක්හා තමන්ගේ භාෂාව නිසා පීඩාවක් තිබුණා. එහෙම තිබුණා කියා අපි පිළිගත යුතුයි. ඒක ඇත්ත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි ජේ.ආර්.78දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්නෙ. ඒ පනත ගෙන ආ වෙලාවෙ යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සහ යාපනය තරුණයෝ විශාල ප‍්‍රමාණයක් උද්ඝෝෂණය කළා. ප‍්‍රතිඵලය වුණේ ආණ්ඩුව ඔවුන්ගේ අතපය කැඞීම. මේ අයගේ අයිතිවාසිකම් වගේම මේ අයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් නැති වෙන්න පටන් ගත්තා. ජේ.ආර්.ගෙ අලූත් පාලන ආකෘතිය විසින් කළේ ඉදිරියට එමින් තිබුණු මේ ජාතිවාදය තීවෘ කිරීම. මොකද්ද ඊට පස්සෙ වුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාලනය කරගන්න බැරි සන්නද්ධ දෙමළ තරුණ ව්‍යාපාරයක් ඇතිවෙන්න පටන් ගැනීම.

80 දශකයේ සිට 90 දශකයේ අවසානය දක්වා හොම්බ බිම ඇණගෙන හිටපු සිංහල ජාතික ව්‍යාපෘතියට 90දශකයේ අවසානයේ සිට 2003 අවසානය දක්වා සෝම හාමුදුරුවො ඊට සිංහල-බෞද්ධ මුහුණුවරක් දීලා නැවත පණ ගන්වන්න මහන්සි ගත්තා. නමුත් සෝම හාමුදුරුවන්ගේ අභාවයත් එක්ක අවසන් වීමට නියමිතව තිබූ මේව්‍යෘපෘතිය චම්පික හා රතන විසින් තමන්ගෙ බලය සඳහා කොල්ල කාලා 2004 මැතිවරණයේදී වෙන ගේමක් ගැහුවා. මේකට කවුන්ට් කරන්න උපක‍්‍රමයකට හෝ අනුගත වීමට හෝ ජවිපෙ ජාතික ප‍්‍රවාහයට ඇතුල් වුණා.චම්පිකලා ඉවරකරන්න ආ ජවිපෙ චම්පිකලටත් වඩා හොඳින් නිර්ධන පාන්තික කොඩිය වෙනුවට ජාතික කොඩිය වැරෙන් ඔසවා තබලා විමල්ට භාර දුන්නා. ප‍්‍රතිඵලය වුණේ විමල් ගේම් තොගයක් ගහලා දේශහිතෛෂියෙන්කෑල්ලකුත් අරං එළියට ගියා. ඊට පස්සෙ විමල් හොටු කොල්ලා වුණා?
විශේෂයෙන්ම ගත්තොත් එක් ජාතිවාදයක් හුදෙකලාව පෝෂණය වෙන්නෙ නෑ. එතකොට දෙමළ ජාතිවාදය සංවිධානාත්මකයි, සන්නද්ධයි.මතවාදීව දුබලයි. ඊට සාපේක්ෂව සිංහල ජාතිවාදයත් පෝෂණය වෙන එක වලක්වන්න බෑ. මේ සිංහල ජාතිවාදය විශේෂයෙන්ම නිර්ධනපන්ති ව්‍යාපාරයට අතිශයින්ම අහිතකරයි. මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය එළි දක්වා කිව්වෙ, ‘සකල දේශවාසී නිර්ධනයනි සමගිවව්!’ කියලා.නමුත් අපේ රටේ වුණේ කුමක්ද? සකල දේශවාසී කෙසේ වෙතත් අපේ නිර්ධනයින් ජාතිකත්ව පදනමින් බෙදී වෙන්වීම. සිංහල සංගම්, දෙමළසංගම් හා මුස්ලිම් සංගම් තොගයක් බිහිවෙන්නෙ ඒනිසා. මේක අපේ මූලික අරමුණ වූ පන්ති සටන අමතක කිරීමක්. ජාතිය නෙමෙයි අපේපදනම විය යුත්තේ පන්තිය. ඒ නිසා එක් ජාතියක් මත පන්තිය පදනම්වීම කවර මාක්ස්වාදියෙකුටවත් පිළිගන්න බෑ. එය පන්ති ව්‍යාපාරයටකරන විශාල වැරැද්දක්. ඒක සමාජ හා මානව සංවර්ධනයට බාධාවක්. ඒ නිසා එය කවර ක‍්‍රමයකින් හෝ පරාජය කළ යුතුයි.ඒ වගේම අපේ සමාජය මොන සාක්ෂරතාවයෙන් ඉහළ ගියත් දේශපාලන සවිඥනභාවය පැත්තෙන් ඉතාම දුර්වල සමාජයක්. ඒ නිසාසමාජයේ කාලෙන් කාලෙට නගින රැළිවලට යම් ප‍්‍රමාණයකට ගොදුරු වීමේ ප‍්‍රවණතාවක් තියෙනවා. සිංහල බෞද්ධ ජාතික රැල්ල තමයියම් පමණකට හෙළ උරුමය ඩැහැ ගත්තෙ, නියෝජනය කරන්නෙ. හැබැයි ජවිපෙ සමහර දේශපාලන කි‍්‍රයාමාර්ග ගත්තෙ, ඒක කවුන්ට්කරන්න හෝ එය බිඳ වැට්ටටීමේ අරමුණෙන් නෙවි. අපි කළේ කුමක්ද? ධනේශ්වර පන්තිය විසින් පීඩාවට පත් කරන කම්කරුවා, ගොවියා,අතරමැදි ස්ථරයන් වන රැකියා විරහිත තරුණයන්, ශිෂ්‍යයන්, කලාකරුවන්, බුද්ධිමතුන් යන කොටස් පන්තිමය පෙරමුණට ඒකරාශී කිරීම.ඒත් එක්කම පාලක පන්තියේ පීඩාවට වඩා අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයට අදාල භාණ්ඩ ආනයනය හරහා විශේෂ කොටසක් කඩා වැටෙනවා.ඒ තමයි, දේශීය නිෂ්පාදකයා හා දේශීය කර්මාන්තකරුවා. ජවිපෙ පෙනී හිටියෙ මේ සියලූ කොටස් ඒකරාශී කර හදන පෙරමුණක්වෙනුවෙනුයි. මුල් කොටස පන්ති බලවේගය, දෙවැනි කොටස ජාතික බලවේගය. ජාතික බලවේගයට කාර්යයන් දෙකක් තියෙනවා. එකක්මේ ජාතික බලවේගයට නිර්ධන පන්ති නායකත්වයක් යටතේ අධිරාජ්‍යවාදයට හා පාලක පන්තියට එරෙහිව එක විට අරගලයක් කිරීම.අපි පක්ෂයක් විධියට කළේ ඕක. ඒකට තමයි අපි මුල්වෙලා මහන්සි වෙලා ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හැදුවේ. ඒතුළම අපි හැදුවාදේශීය ව්‍යාපාරිකයන් ඒකරාශී කරගත් ‘මව්බිම ලංකා පදනම’. ඒ වගේම මේ ජාතික බලවේගයට කළ හැකි තවත් කාර්යයක් තියෙනවා.ඒ තමයි පන්ති ව්‍යාපාරයෙන් ඉවත්ව අර්ධ ෆැසිස්ට් මර්ධනකාරී ධනේශ්වර රාජ්‍යයක් ගොඩනගන්න අවශ්‍ය පස සකස් කිරීම. විමල් කළේඔය කාර්යය. මේ ව්‍යාපාරයට යහ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ විනය, ආර්ථිකය ගැනත් කතා කළ යුතු බවට මුලින්ම තීන්දු කළා.නමුත් දිගටම සිදුවුණේ ආණ්ඩුවත් සමඟ යන හුදු කොටි හා ප‍්‍රභාකරන් විරෝධයක් පමණක් බවට පත්වීම. අපි තමයි මේ කුජීත වෙලාහිටපු ජාතික බලවේගයට පණ දුන්නෙ. අමරසේකර මහත්තයලා, නලින්ද සිල්වා මහත්තයලා පත්තර පිටු පිරෙව්වා විතරයි. මේ සියල්ලන්ටපණ ආවේ නිර්ධන පන්ති ව්‍යාපාරය ඊට අවශ්‍ය ජවය සපයපු නිසා. දැන් මේ හදන්නෙ අධිරාජ්‍යවාදී උවමනාව වූ ජාතික ව්‍යාපාරය පන්තිව්‍යාපාරයෙන් බෙදා වෙන්කිරීමේ අවශ්‍යතාවය ඉටුකිරීමට. ඒනිසා පන්තියෙන් වියෝ වූවන්ට වෙන්නෙ හුදකලා වෙන්න. විමල්ලට දැන් වෙලා
තියෙන්නෙ ඒක.

ජවිපෙ අද දක්වා කරමින් ඉන්නෙ කුමක්ද? ශ‍්‍රී ලාංකීය ජාතිය වෙනුවට, සිංහල ජාතියේ සාරය සොයමින් ඉන්නවා.ඒ කෙරෙහි විශ්වාසයක් තබනවා. ඊට පස්සෙ සිංහලයාගේ සාරය දෙමළා හොරකම් කළා කියා විශ්වාස කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ LTTE යත් දෙකට බෙදලා වන්නි කොටි කියා දකුණේ පෝස්ටර් අලවලා ප‍්‍රභාකරන්දක්වා ලගු කරන්න පටන් ගත්තා. පක්ෂය මෙහෙම සාරය හොයද්දි මේ රටේ අධිපති මාධ්‍ය ජාලය පක්ෂය වෙනුවට විමල් උඩදාලා ඔහු මදය බවට පත් කළා. ප‍්‍රතිඵලය වුණේ, ජවිපෙ නමැති ශරීරයේ උගුරේ කටුවක්හිර කර ගැනීම. ජවිපෙ අදටත් කි‍්‍රයාත්මක වෙමින් තියෙන්නෙ, මේ කටුව උගුරෙ තියාගෙන. ඇයි පක්ෂයට බැරි මේ කටුව ඉවත් කරලා දාන්න?
අපි හිතනවා අපේ රටේ ප‍්‍රශ්නවල උත්පාතය තියෙන්නෙ, මේ සමාජ ආර්ථික දේහය ඇතුලෙ. ඒක තමයි සත්‍යය. හැබැයි ඒ ආර්ථිකදේහය තුළ තියෙන ප‍්‍රශ්න ප‍්‍රකාශයට පත් වෙන නොයෙක් ආකෘති තියෙනවා. අපේ රටේ තියෙන අර්බුදයේ ප‍්‍රධාන ප‍්‍රකාශනය බවට පත්වෙලාතියෙනව බෙදුම්වාදය. සමහරු ත‍්‍රස්තවාදය කියනවා. අපි ගෙනාවේ ඒ අර්ථකතනය නෙවෙයි. අපි ගෙනාවෙ බෙදුම්වාදය කියලා. මේතියෙන්නේ බෙදුම්වාදයේ ත‍්‍රස්තවාදය. බෙදුම්වාදයට පෙරමුණු දෙකක් තියෙනවා. එකක් යුධ පෙරමුණ. අනෙක දේශපාලන පෙරමුණ. යුධපෙරමුණ අපි දන්නවා, පුනරින්, අලිමංකඩ, වාකරෙයි වගේ භූමි ප‍්‍රදේශ අල්ලා ඉදිරියට ඒම. මෙහි දේශපාලන පෙරමුණ තමයි 87 ඉන්දු-ලංකා ගිවිසුම, 98 චන්ද්‍රිකාගෙ පැකේජය, 2000 චන්ද්‍රිකාගෙ ව්‍යවස්ථාව, 2002 රනිල්ගෙ ගිවිසුම, 2005 සුනාමි මණ්ඩලය, වර්තමානයේමහින්දගෙ 13 වැනි සංශෝධනය. කාට හරි කියන්න පුළුවන් මේ ධනපති රාජ්‍යය බෙදුනාම මොකෝ කියලා. අපි කියන්නෙ කලාප සභාවකටහෝ ස්වයං පාලනයකට හෝ ස්වාධීන ආර්ථික පැවැත්මක් නෑ. ලංකාවේ වෙළඳපොළ තියෙන්නේ තවමත් කොළඹ. ඒනිසා ලංකාවේ දී ආර්ථික සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ රට තනි ඒකකයක් හැටියට තිබුණොත් පමණයි. අපි කියන්නේ උතුර හෝ නැගෙනහිරවෙන්වෙලා මෙන්න මේ ආර්ථික කාරණයේදී ඇනගත්තාම සිදුවෙන්න නියමිත ඉන්දියාව හෝ වෙනත් රටක් සමඟ එකඟතාවකට ඒම.එතකොට වෙන්නෙ, විදේශීය රටකට අවශ්‍ය පරිදි ලංකාව මෙහෙයවීම ආරම්භ වීම. ඒනිසා අපි පක්ෂයක් විධියට බෙදුම්වාදයට එරෙහියි.ඊළඟට අපි බෙදුම්වාදයට විරුද්ධ වෙන්නෙ මේ යුද්ධය සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට අවශ්‍ය යුද්ධයක් නොවන නිසා. යුද්ධය අවශ්‍ය හා යුද්ධයේ පාර්ශ්වකරුවන් වෙන්නෙ ලංකා ආණ්ඩුවයි - කොටි සංවිධානයයි. මේ යුද්ධයෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් සාමාන්‍ය ජනයා මැරෙනවා. හැබැයි ඒ යුද්ධයේ ප‍්‍රධාන ඵලය නෙවි අතුරුඵලය. ප‍්‍රධාන ඵලය තියෙන්නෙ ආණ්ඩුව හා කොටි සංවිධානය අතර. මේ ගැටුමේ අවසානය කොතනද? ඒ තමයි සිංහල-දෙමළ ජනතාව අතර ගැටුමක් හෙවත් පන්තිය බෙදන, පන්තිය ගැටෙන, පන්තිය අවිශ්වාස කරන ගැටුමක් බවට පත්වීම. ඒක තමයි මේ වෙන්නෙ. ඒක පාලක පන්තියට වාසියි. දැනුත් මේ යුද්ධයේ වාසිය තියෙන්නෙ ආණ්ඩුවට. නිර්ධන පන්තියට අතිශය අවාසි සහගතයි. එතකොට යුධ යාන්ත‍්‍රණයේ ප‍්‍රකාශකයා වළක්වන්න බැරි විධියටම, දෙමළ සන්නද්ධ තරුණයන් කේන්ද්‍රගත කරගත්ත කොටි සංවිධානය බවට පත්වෙලා තියෙනවා. අපි අරගල කරන්නෙ මේ බෙදුම්වාදයට විරුද්ධවයි. ඒ අපේ අරගලය වළක්වන්න බැරි විධියටම, දෙමළ ජනතාව තුළ ඔවුන්ට එරෙහිව යන අරගලයක් කියා තහවුරු වෙලා තියෙනවා. ඊට හරියට මුහුණ දෙන්න තවමත්අපි අසමත් කියල අපි පිළිගන්නවා. අපේ මූලධර්මය ශ‍්‍රී ලාංකීය ජාතිය යන්න වුණාට අපේ ප‍්‍රකාශනයේදී සිදුවෙලා තිබෙන්නේ මූලධර්මයහා පදනම අභිබවා ගියපු යුද්ධයට විරුද්ධ වීම හා ෆෙඩරල්වාදයට විරුද්ධ වීම කියන සාධක නිසා දෙමළ ජනයා තුළ යම් ආකාරයක නිගමනයකට ඇවිත් තියෙනවා අපි ඔවුන්ට විරුද්ධ පක්ෂයක් හැටියට. අපි දෙමළ විරෝධී සංවිධානයක් නෙමෙයි.ඔබ මතුකළ ප‍්‍රශ්නයේ අවසාන කොටස, ඒ කියන්නේ අපේ ප‍්‍රකාශකයාගේ අර්බුදය මතුවන්නෙ මෙන්න මෙතනදී. මේක මාධ්‍ය සමාජයක්,මාධ්‍ය හරි ප‍්‍රබලයි කියන මතය අපිත් පිළිගන්නවා. ඒ නිසා තමයි අපි මේ මාධ්‍ය ඇතුලෙත් අපේ ව්‍යාපාරයට යමක් කරගන්න පුළුවන්නම්, අපි ඒකටත් සූක්ෂමව වැඩ දියත් කළේ. හැබැයි ඔබ කිව්වා වගේ මේ පාලක පන්ති මතවාදී මාධ්‍ය ජාලය විසින් අපේ පක්ෂයේ එක් පුද්ගලයෙක් වෙනම අරගෙන ඕනවටත් වඩා උඩ දැම්මා කියන දේ අපි පක්ෂයක් විධියට වසර ගණනාවක සිට ඕනවටත් වඩා කතා කළා. එහි ප‍්‍රතිඵලය වුණේ පක්ෂය තීන්දු කළා ඒ ප‍්‍රකාශකයා මාධ්‍යවලටම බාරදෙන්න. ගැටළුව වුණේ පක්ෂය තීන්දුවක් ගන්නට පෙර ප‍්‍රකාශකයාම තීන්දු කරලා පක්ෂයෙන් ඉවත්වීම. අද මොකක්ද තත්ත්වය, අද මාධ්‍යවලටත් විශේෂ අවධානයක් නැති තැනට වැටිලා. ඒක එයාම හදාගත්ත ගමනක අවසානය. ඔබ කියූ පරිදි කොටි සංවිධානයට හෝ ප‍්‍රභාකරන්ට සීමා වූ හුදු සිංහල ජාතිවාදී ස්වරූපයක් කේ
න්ද්‍රකරගත් ප‍්‍රකාශනයක් අපේ පැත්තෙන් පේන්න ගත්තෙ ඉහත කාරණා ඇතුළෙ. ඒකයි අපි පුළුල් අරමුණක් සඳහා ගොඩනගපු දේශ හිතෛෂී ව්‍යාපාරය වෙනුවෙන් සටන් කරන්නෙ. ඒක තිබිය යුත්තේ පන්ති ව්‍යාපාරයේ නායකත්වය යටතේ. අපි උගුරෙ හිරවූ කටුව අරං දානවා. ඒකසිදුවෙන්නෙ ජාතික ව්‍යාපාරය ඇත්ත උවමනාවට ළඟා වූවාට පසුවයි.ඔබ පක්ෂයක් විධියට සිංහල සාරය සෙවීම මොනතරම් සාධාරණීකරණය කරන්න මහන්සි ගත්තත්, මානෙල් මල් ව්‍යාපාරය වගේ එකක් ගැන මතක් වෙද්දි මං හිතන්නෙ නැවතත් උගුරෙ කටුව හිරවෙනවා. අපි ආර්ථික ප‍්‍රශ්නය ප‍්‍රධාන කොට ගන්නා අතර, ඒක විසින් ජනිත කරපු අර්බුදයක් ලෙස බෙදුම්වාදය දකිනවා. බෙදුම්වාදය තමයි අද අපේ රටේ තියෙන කේන්ද්‍රීය ප‍්‍රශ්නය. අද හැම දෙයක්ම ගැට ගැහිලා තියෙන්නෙ මේ ප‍්‍රශ්නයට. විශේෂයෙන්ම බටහිර රාජ්‍යයන්ගේ මැදිහත්වීම කේන්ද්‍ර ගතවෙලා තියෙන්නෙ මේ ප‍්‍රශ්නය වටා. ඒ නිසා අද කේන්ද්‍රීය ප‍්‍රශ්නය බවට ජාතික ප‍්‍රශ්නය පත්වෙලා කියා අපිත් තේරුම් ගන්නවා. එතකොට මේ බෙදුම්වාදයේ යුධ පෙරමුණක් තියෙනවා. එ් යුධ පෙරමුණට විරුද්ධව අරගලයක් තියෙනවා. ඒ කාර්යභාරය පැවරිලා තියෙන්නෙ ධනේශ්වර රාජ්‍ය හමුදා යාන්ත‍්‍රණයට. බෙදුම්වාදී යුද යාන්ත‍්‍රණයට මුහුණ දෙන්න වෙන්නෙ මේ ආණ්ඩුවේ යුද යාන්ත‍්‍රණය හරහාමයි කියායි අපි තේරුම් ගන්නෙ. එතකොට මේකට එරෙහිව හමුදා සොල්දාදුවා කරන කාර්යභාරය ආපසු හරවන්න බැරි පසු පෙරමුණක් අවශ්‍ය වෙනවා. ඒ පසු පෙරමුණ තමයි මානෙල් මල් ව්‍යාපාරය. අපි පක්ෂය විධියට සෘජුව දේශපාලන කාර්යභාරය කරන අතර යුදවාදී කාර්යභාරය අපි ඔවුන් හරහා ඉටු කරවා ගැනීමට ශක්තිය සැපයුවා.

අපිට අනුව, ජවිපෙ ප‍්‍රධාන සංකල්ප දෙකක් මුහු කරනවා. එකක් පන්තිය, අනෙක ජාතිය. මොකක්ද මේ කියලා තවත් පැහැදිලි කරගත යුතුයි.
මාක්ස් ඉතා ඈත කාලයේ කිව්වා මොකක්ද? නිදහස් තරගය හරහා ධනවාදයේ විශාල අර්බුදයක් මතුවෙනවා දියුණු ධනපති රාජ්‍යයන්තුළ තමයි සමාජවාදී විප්ලවය ඇති වෙන්නෙ කියලා. ඒ සඳහා මාක්ස් කිව්වෙ, ජර්මනිය හා දියුණු ධනපති රාජ්‍ය කිහිපයක එකපිට සමාජවිප්ලවය සිදුවෙයි කියලා. ඊට පස්සෙ ධනවාදය නිදහස් තරගයෙන් ඔබ්බට ගිහින්, ධනවාදය පවත්වාගෙන යමින් අලූත් ආකෘතියක් තෝරාගන්නවා. ඒ තමයි අධිරාජ්‍යවාදය. මේකෙන් කරන්නෙ දියුණු ධනපති රාජ්‍යයන්, පරිධියේ තිබෙන රාජ්‍යයන් මත තියෙන ශ‍්‍රමය හා සම්පත්සූ
රාගෙන කනවා. ඊට පස්සෙ ලෙනින් මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන කිව්වා දියුණු ධනපති රාජ්‍යයන්වල නෙමෙයි සමාජ විප්ලවයසිදු වෙන්නේ මෙන්න මේ දැඩි සූරා කෑමට ලක්වන පරිධියේ පිහිටි රටවල්වල බව. මේ පරිධියේ රාජ්‍යයන්ගේ විප්ලවයේ මාදිලිය ලෙසලෙනින් දළ තීරණයක් ගත්තා එහි වැළැක්විය නොහැකි ලෙස එය සිදු වන්නේ ජාතික විමුක්ති අරගලයක් මාර්ගයෙන් බවට. එය වූ කලී,අධිරාජ්‍යයට එරෙහි ජාතික විමුක්ති අරගලයක්. එතකොට එය පවතින ධනපති පාලක පන්තියටත් එරෙහි අරගලයක් බවටත් පත්වෙනවා.එතකොට අපි මුහු කරන්නෙ මෙන්න මේ සෘජු පාලක පන්තියේ තිබෙන මැදිහත් වීම හා ආර්ථික හසුරුවාලීම නිසා කඩා වැටීම නිසා පීඩාවටපත්වන පන්ති බලවේගය. පන්ති සටන් කි‍්‍රයා මාර්ගයට අවතීර්ණ වෙනවා. පන්ති සටන කියන්නෙ යුද්ධය නෙමෙයි. ඒ කියන්නේ පන්තියසංවිධානය කිරීම, පන්තියට මතවාදය ගෙනයාම, පන්තිය උද්ඝෝෂණයට හා අරගලයට කැඳවීම. අපි ඉන්නෙ ඔතන. මේ අධිරාජ්‍යවාදයටඑරෙහි අරගලයේදී තවත් මෙහි නියෝජනය කළ හැකි කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි ජාතික බලවේගයන්ගේ කාර්යභාරය. අපි කරන්නේමේ දෙක එකට මුහු කිරීම. මේ යුගයේ අරගලය වෙන්නේ පන්ති බලවේගය සහ ජාතික බලවේගය එ්කාබද්ධ කරපු අරගලයක්. හැබැයි මෙහිදී එකකට එකක් හුදකලාවේ කරන්න බෑ.

චීන සහ ඉන්දියානු අධිරාජ්‍යවාදයට විරුද්ධ ශ‍්‍රී ලාංකීය ජාතික විමුක්ති අරගලයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩසටහන් දෙකක් ඉතිරිවෙලා තියෙනවා. එක පන්තිය මත පදනම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙල, දෙක ජාතිය මත පදනම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙල. ඔබ පක්ෂයක් විධියට ඉන්නෙ කොතනද?
ජවිපෙ ඉන්නෙ හරියටම ඔබ කලින් අපි ගැන කිව්වා වගේ මේ වැඩපිළිවෙලවල් දෙකම මුහු කරගන්න පොදු වැඩපිළිවෙලක් තුළ.මෙහි නායකත්වය පන්තිය, මෙහෙය වන්නෙ පන්තිය, හැබැයි ජාතික බලවේගය කෙලින්ම පන්ති සටන් පාඨවලට ගේන්න බෑ. ඔවුන්ගෙ වුවමනාව වෙනස්. ඔවුන් ගේන්න පුළුවන් වෙලා තියෙන්නෙ ජාතික සටන් පාඨවලින් පමණයි. ඔවුන් අපි පන්ති සටන් පාඨවලින් ගේන්නෙ නෑ. ගේන්නත් බෑ. හැබැයි එහි රිද්මය තීන්දු කරන්නෙ පන්ති බලවේගය විසින්. ඔබ කිව්වා හරි. අපේ රටේ ආර්ථිකයේ විශාල පරාසයක් ගිලගෙන තියෙන්නෙ ඉන්දියාව. හැබැයි ඇමරිකාව සමඟ ඉන්දියාවට තියෙන්නෙ එකඟතාවයක්. එතනදී එක අරමුණකයි ඉන්නෙ. ලෙනින් කිව්වා වගේ වෙළඳපොළ බෙදා ගැනීම අහවර කිරීම හා නැවත වෙළඳපොළ බෙදා ගැනීම සඳහා කරන අරගලය. අපි ඉතා හොඳින් සූක්ෂමවිය යුත්තේ මෙහිදී. අපි කරමින් ඉන්නේ මේ සියල්ල කළමණාකරණය කිරීම. සමාජයකට පක්ෂයක් උවමනා වෙන්නෙ පන්තිය මෙහෙයවන්න, සංවිධානය කරන්න හා අවසානයේදී පන්තිය මෙහෙයවා සමාජය වෙනස් කරන්න. ඔබ එය පිළිගන්නවාද?ඔව් හරි. ඒකෙ තර්කයක් නෑ.නමුත් පක්ෂය තිබෙන සමාජයට අනුගත වුණොත් මොකද වෙන්නෙ?නිර්ධන පන්තිය තුළ ඉන්න පෙරටුගාමී ම කොටස, නිර්ධන පන්තියට මතවාදය ගෙනයමින් පන්තියට ඉදිරියෙන් ඉන්න කොටසක් විධියටතමයි අපි පක්ෂය දකින්නෙ. පක්ෂය තමයි පන්තිය කැඳවන්නෙ. මෙහෙයවන්නෙ. සංවිධානය කරන්නෙ. ඔබ අහනවා වගේ, සමාජයෙන්එන බලපෑමට හා වුවමනාවට පක්ෂය අනුගත වුණොත් ඇත්තටම පක්ෂයක් ඒ සමාජයට වැඩක් නෑ. ඒක රිසර්ච් ගේම් එකක්. එහෙම වුණොත් පක්ෂය ඉවර වෙනවා. ජනතාවට පක්ෂයක අවශ්‍යතාව නැතිවෙනවා.

ජවිපෙ එදා සිට අද දක්වා LTTEය දකින්නේ හුදු ත‍්‍රස්තවාදී සංවිධානයක් විධියට. අපි පිළිගන්න ආකාරයට නම්, ත‍්‍රස්තවාදය හෙවත් Terrorism යන්න දේශපාලන ශබ්ද කෝෂයට එකතු කරන්නෙ ඇමරිකාව ප‍්‍රමුඛඅධිරාජ්‍යවාදීන් විසින්මයි. ඔවුන්ගේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලට එරෙහි වන සියල්ලෝ ත‍්‍රස්තවාදීන් ලෙසයි හඳුන්වන්නේ. මේක නේද ඇත්ත?
ඔබ කිව්වා හරියට හරි. ඔබ කියන එක ඇත්ත. විශේෂයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තමයි ලෝකය පුරා ඔවුන්ට එරෙහි රටවල් හා සංවිධානවලට ත‍්‍රස්තවාදී ලේබල් අලවමින් යන්නෙ. ඒක හරි. අපිත් එය පිළිගන්නවා. හැබැයි ඒ ලේබලය නෙමෙයි අපි අතර තියෙන්නෙ.

ලේබලය වෙනස් කිව්වට බෑන්ඞ් එක එකයි නේද?
නෑ. බෑන්ඞ් එකත් වෙනස්. අපි LTTEය තේරුම් ගන්නෙ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස. බෙදුම්
වාදය ලෝකයේ වුවමනා වෙලාතියෙන්නෙ අධිරාජ්‍යවාදීන්ට. එ්ක තමයි අද පවතින ඇත්ත.










Back to HOME page ..... click